යාපනයේ ‘අයි‘ කල්ලියේ 13 ක් අල්ලයි


( රොමේෂ් මධුෂංඛ)


යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියට අමතරව අයි නමින් හැඳින්වෙන කල්ලියක සාමාජිකයින් 13 දෙනෙකු පලෙයි පොලීසියේ මෙහෙයුමකින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය ප වසයි. 


කොඩිකාමම් එලුදුමට්ටුවාල් ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට පත් තරුණයින් දෙදෙනෙකුගෙන් කොඩිකාමම් පොලීසිය විසින් සිදු කළ  ප්‍රශ්න කිරීම් වලදී අදාල නව කල්ලිය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති අතර ඒ බව පලෙයි පොලීසියට කරන ලද දැනම් දීමකට අනුව පලෙයි  මරදන්කේනි ප්‍රදේශයන්හි අදාලයේ සාමාජිකයින් 13 දෙනෙකු  පලෙයි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් පිරිස සමීපයේ කඩු ඇතුලු තියුණු ආයුද කිහිපයක් හා පොලු මුගුරුද තිබූ බවටත් අත්අඩංගුවට ගත් පිරිසෙන් ඇතැම් පිරිස් ආවා ක්‍රියාකාරකම් වලට හවුල් කරුවන්ව සිට ඇති අතර පසුව එම පිරිස් විසින්ම අයි නැමති කල්ලියක් නිර්මානය කරමින් පුද්ගල පහරදීම් කිහිපයක් සිදු කොට ඇති බවට පොලීසිය විසින් අනාවරණය  කර ගෙන තිබේ.


අත්අඩංගුවට ගත් පිරිස අද (25) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට පලෙයි පොලීසිය විසින් පියවර ගෙන ඇත.