(රොමේෂ් මධුෂංඛ)
ආයුධ තොගයක් සමඟ යාපනය රෝහල ඉදිරිපිට නිවසක බලහත්කාරයෙන් රැඳී සිටියදී අත්අඩංගුවට ගත් ප්ලොට් සංවිධානයේ හිටපු සාමාජිකයා නැවත ජනවාරි 30 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට යාපනය මහේස්ත්‍රාත් එස්.සදීශ්කරන් මහතා නියෝග කළේය.
පසුගිය දෙසැම්බර් 19 වැනි දා යාපනය රෝහල ඉදිරිපස නිවසක බලහත්කාරයෙන් රැඳී සිටිය දී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබී ටී 56 ගිනි අවියක්, පතුරම් තොගයක් පොලිස් බාරයට ගැණිනි.
විදේශගත යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුගේ නිවසේ සැකකරු කාලයක් තිස්සේ බලහත්කාරයෙන් පදිංචිව සිට ඇති බවත්, විදේශගත පුද්ගලයාගේ ඥාතීන් අදාළ නිවස නැවත ලබාදෙන ලෙසට සැකකරුගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී සැකකරු බලහත්කාරයෙන් අදාළ නිවසේ රැඳී සිට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මානිප්පායි ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබු බවත් , අදාළ නිවස කලක් ප්ලොට් සංවිධානයේ කාර්යාලයක් පවත්වාගෙන ගොස් ඇත.

