(ප්‍රදීප් කුමාර)
වවුනියාව යාපනය මාර්ගයේ කනගරායම් කුලම ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් හෝටලයක් පිටුපස වළ දමා තිබූ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ආරක්ෂක අංශ විසින් ගොඩ ගෙන තිබේ.
හමුවූ යුද උපකරණ අතර පීඩන බෝම්බ තුනක්, ආර් පී ජී උණ්ඩයක්, සී 4 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය, පතුරොම් ඇතුළු තවත් ද්‍රව්‍ය මේ අතර තිබිණි.
මෙම යුධ උපකරණ තොගය ප්ලාස්ටික් බටවල බහා ඉතා සුරක්ෂිතව වළ දමා තිබිණි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ හෝටලයේ හිමිකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන බව පොලීසිය කියයි.
ආරක්ෂක අංශවල බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඒවා සොයා ගෙන තිබේ.
උතුරේ සේවය සදහා යන එන ආරක්ෂක අංශ නිලධාරීන් සියලු දෙනා බස් රථ වලින් ගමන් ගන්නා විට ආහාර ගැනීම සදහා නතර කරණු ලබන්නේ මෙම හෝටලයේය.
ඒ 09 මාර්ගයේ ගමන් ගනු ලබන දුර ගමන් සේවා බස් රථද නිරන්තරයෙන් මෙම හෝටලයේ නතර කරනු ලබයි.
මෙම හෝටලය ඉදි කොට ඇති ඉඩම මුස්ලීම් ව්‍යාපාරිකයා විසින් මීට වසර 9 ට පෙර බලහත්කාරයෙන් අල්ලා ගනිම්න් හොටලයක් පවත්වාගෙන ගොස් තිබේ.
යුද සමයේ මෙම ස්ථානයේ තිබී ඇත්තේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන යනු ලැබු රෝහලකි.
ආරක්ෂක අංශ විසින් සොයා ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය යුද සමයේදී භාවිත කළ ඒවා බවට සැක කෙරෙන අතර හෝටල් හිමියා එම පුපුරණ ද්‍රව්‍ය ළග තබා ගන්නා ලද්දේ කවර හේතුවක් මතද යන්න පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කනගරායම්කුලම පොලීසිය වෙත බාරදී ඇති අතර පොලිසිය හා වවුනියාවේ ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


(ඡායාරූප - ප්‍රදීප් කුමාර)


(ඡායාරූප - රොමේෂ් මධුෂංක)

