යාපනයේ මාවා බුලත්විට අලෙවි කළ වෙළඳසලක් වටලයි


(රොමේෂ් මධුෂංඛ)

යාපනය නගරයේ පාර පහ හන්දිය අසල වෙළෙඳසලක් වැටලූ යාපනය පොලීසියේ නිලධාරීන් විසින් එම වෙළඳසලේ විකිණීමට සූදානම් කර තිබූ නීතිවිරෝධි මාවා බුලත්විට  පැකට් 53 ක්  අත්අඩංගුවට ගනු ලැබීය.

මීට අමතරව  ''මාවා බුලත්විට'' සැකසීම පිණිස එම වෙළෙඳසලට රැගෙනවිත් තිබූ අමුද්‍රව්‍ය තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

යාපනයේදී මේවා අලෙවි කරනු ලබන්නේ බස් රියදුරන්ට හා පාසල් සිසුන්,උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන් ඉලක්ක කරගෙන බව පොලීසිය කියයි.

රාත්‍රී කාලයට නින්ද යාම වළක්වා ගැනීම සඳහා බස් රියදුරන් මේවා බහුලව භාවිතා කරයි. 

වෙළෙඳසලේ හිමිකරු යාපනය දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.