(රොමේෂ් මධුෂංඛ)
දෙමළ ජාතික සන්ධානයට අයත් ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා යාපනයේ පැවති විරෝධතාවකට සහභාගී වූ අවස්ථාවේදී එහි සිටි විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි විරෝධතාවක් හේතුවෙන් එම ස්ථානයෙන් පිටත්ව යාමට සිදුවිය.
යාපනය මරදන්කේනි ප්‍රදේශයේ සිටින සංචාරක ධීවරයින් ඉවත් කරන ලෙසට යාපනයේ ධීවරයින් විසින් ආරම්භ කරන ලද විරෝධතා පාගමනට මාවෙයි සේනාධිරාජා ඇතුළු පිරිසක් සහභාගී වූ අවස්ථාවේදී මෙම විරෝධය ඇතිව තිබේ.
එහිදී විරෝධතා කරුවන් මාවෙයි සේනාධිරාජා මන්ත්‍රීවරයාට විරෝධය පාමින් පවසා ඇත්තේ,
‘තම ධීවර ගැටලුවට විසඳුම් දීමට හැකිතාක් කාලය දෙමළ ජාතික සන්ධානයට ලබා දුන්නද විසඳුමක් ලබා දීමට පියවර නොගත්ත බවටත් දෙමළ ජාතික සන්ධානය රජය සමඟ සමීපව කටයුතු කරන අවස්ථාවක ධීවර ජනතාවගේ මෙවැනි ගැටලුවකට විසඳුම් ලබාදීමට ඉතා පහසු කාර්යක් වුවද එම ගැටලුව පිළිබඳ අවධානයකට නොගැනීම පිලිගත නොහැකි හෙයින් තම ධීවරයින් ආරම්භ කරන ලද විරෝධයට විසඳුමක් සොයාගැනීම ධීවරයින් විසින්ම සිදු කරගන්නා බවත් එහෙයින් දේශපාලනය මැදිහත් වීමට අවශ්‍ය නැති බැවින් එම ස්ථානයෙන් පිටත්වන ලෙසට විරෝධය පල කිරීමත් සමඟ මන්ත්‍රීවරයා එම ස්ථානයෙන් පිටත්ව ගියේය.