(රොමේෂ් මධුෂංඛ)
යාපනය කොකුවිල් මන්සන්ධියේදී ඊයේ(15) රාත්‍රියේදී යතුරුපැදි කල්ලියක් විසින් පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධවලින් කපා පළා ගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි.
කොකුවිල් ලෝටස් මාර්ගයේ භද්‍රකාලි අම්මාන් කෝවිල අසල ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනකුට ඊයේ රාත්‍රියේ මෙසේ යතුරුපැදි දෙකකින් පැමිණි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහරදී පළාගොස් ඇති අතර එසේ පහරකෑමට ලක් වූ තරුණයින් දෙදෙනාගේ අත් හා පාවලට සිදු වූ තුවාල හේතුවෙන් මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේම පදිංචිකරුවන් වන 22 හැවිරිදි හා 49 හැවිරිදි දෙදෙනෙකි.
අදාල පහරදීමට පැමිණි පුද්ගලයින් කව්රුන්දැයි යන්න තමන්ට හඳුනාගැනීමට නොහැකි වූ බවත් ඔවුන් පැමිණියේ මුහුණු වාසාගෙන බවත් පහරකෑමට ලක් වූ දෙදෙනා පොලීසියට පවසා ඇති අතර අදාල පහරදීම සම්බන්ධයෙන් යාපනය පොලීසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.

