යාපනයේ දී නාඳුනන පිරිසකගෙන් මාරාන්තික ප්‍රහාරයක්


(රොමේෂ් මධුෂංක)

යාපනය කෝපායි  කොණ්ඩාවිල් ප්‍රදේශයේදී  තියුණු ආයුධ රැගෙන ආ පිරිසක් සිදුකල පහරදීමකින් පුද්ගලයන් 08 දෙනකුට බරපතල තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි.  

කොණ්ඩාවිල්හි පිහිටි ශබ්දාගාරයක් අසල රැසව සිටි පිරිසක් වෙත එකවරම මුහුණු ආවරණය කර ගොන කඩු ඇතුලු තියුණු ආයුධ රැගෙන යතුරුපැදිවලින් පැමිණි පිරිසක් මෙම අමානුෂික ප්‍රහාරය එල්ල කොට ඇති බවට තොරතුරු වාර්ථා වෙයි.

ඇතැම් පුද්ගලයන්ගේ අත්පා සිරුරෙන් වෙනවන ලෙසින්ද කපා ඇති බවත් අනතුරුව අසල තිබූ ත්‍රී රෝද රථයකට සහ මෝටර් රථයකටද දැඩි අලාබහානි කොට ශබ්ධාගාරයටද ගිනිතබා පලා ගොස් ඇති බවට පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

බරපතල කැපුම් තුවාල ලැබූ පුද්ගලයන් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කොට ප්‍රතිකාර ලබන බවටද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

මේ අතර අදාල පහරදීම සිදුකල පුද්ගලයින් කවුරුන් දැයි යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර සී.සී.ටී.වී දර්ශන ඇත්දැයි සොයා බලා සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස්  කණ්ඩායම් කිහිපයක්  පරික්ෂණ ආරම්භ කොට ඇති බව කෝපායි පොලීසිය වැඩිදුරටත් පැවසීය.