(රොමේෂ් මධුෂංඛ)
යාපනය වැල්වැටිතුරෙයි නෙඩ්යකාඩු ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණ දෙකක සිටි තරුණයින් දෙපිරිසක් අතර රාත්‍රියේ ඇතිවූ දරුණු ගැටුමකින් තරුණයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට වැල්වැටිතුරේ පොලීසිය පවසයි
නෙඩියකාඩු ප්‍රදේශයේ පිහිටි අදාල ක්‍රීඩාංගණ දෙකෙහි දිනපතා සවස් කාලයේ විවධ ක්‍රීඩා ඉසව් පැවත්වෙන අතර එහිදී ක්‍රීඩා අවසන් වී අඳුර වැටෙමින් පැවති අවස්ථාවේ ක්‍රීඩාංගණ දෙකේ තරුණයින් අතර බහින් බස්වීමක් ඇතිව තිබෙන අතර එය දුර දිග යාමෙන් තරුණයින් පිරිසක් විසින් එක් තරුණයෙකුට පහරදීමෙන් පසුව මෙම ගැටුම හටගෙන ඇත.
පහරදී ගැනීම දරුණු වී ඇත්තේ ක්‍රීඩාංගණයේ පැවති පොලු මුගුරු වලින් පහර දී ගැනීම හේතුවෙන් තරුණයින් බරපතල තුවාල ලබා ඇති අතර තුවාල ලැබූ 21 දෙනෙකු යාපනය ඌරණී රෝහලටත් තවත් තුවාල ලැබූ 03 දෙනෙකු පේදුරුතුඩුව මන්දිගායි රෝහලටත් රැගෙන ගොස් ඇති බවටත් අදාල පහරදී ගැනීම සිදු කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වෙනම පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවටද වැල්වැටිතුරෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.