(ඉන්දිකා රාමනායක)
යාපනය අරියාලෛ ප්‍රදේශයේ ඉකුත් 22 දින වෙඩි වැදී තරුණයෙක් මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට අයත් උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මීට පෙර මෙම උප පොලිස් පරීක්ෂක ඇතුළු පිරිස ගමන්ගත් බව කියන යතුරු පැදිය, ත්‍රීරෝද රථය සහ වෙඩි තැබීමට උපයෝගී කරගත් පිස්තෝලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.

