(රොමේෂ් මධුෂංඛ)
යාපනය අරාලි උතුරු ප්‍රදේශයේ කුඹුරක අතහැර දමන ලද ළිඳක තිබූ යුද උපකරණ රැසක් සොයා ගත් බවට යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසිය පවසයි.
කුඹුරේ හිමියා විසින් අදාල ළිඳ පිරිසිදු කිරීමට යාමේදී මෙම යුද උපකරණ තොගය දැක ඇති අතර පසුව ඒ බව යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලීසියට දැනුම් දී ඇති අතර පසුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට දැනුම් දීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් පැමිණ අදාල යුද උපකරණ තොගය ආරක්ෂාකාරීව ගොඩට ගෙන ඇත.
අදාල යුද උපකරණ තොගය අතර ටී.56 ජීව උණ්ඩ 14972 ක්, එම්.පී.එම්.ජී. ජීව උණ්ඩ 1160 ක්, මෝටාර් ෆියුස් 10 යි, ග්‍රෙනෙඩ් ලෝන්චර් 10ක්, මෝටාර් උණ්ඩ 22 යි, ආර්.පී.ජී.සෙල් 2 ක් මේ අතර තිබී සොයා ගෙන ඇත.




