රොමේෂ් මධුෂංඛ
යාපනය කෝපායි පොලිස් වසමේ කොකුවිල් ප්‍රදේශයේ දී තියුණු ආයුධ ගත් පිරිසකගේ පහරදීමක් හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ ඇති බව කෝපායි පොලීසිය පවසයි.
කොකුවිල් නැගෙනහිර ප්‍රදේශයේ දී මෙම පහරදීම සිදුවී ඇති අතර ඊයේ රාත්‍රීයේ ගොවිතැන් කටයුතු නිම කර කුඹුරේ සිට නිවස වෙතට යමින් සිටි දෙදෙනෙකි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි ශ්‍රී රංගනාදන් කේමලන් හා 24 හැවිරිදි ෂන්මුගරාසා සිවදීපන් නැමති අයට මෙම පහරදීම සිදු කර ඇති බවට කෝපායි පොලීසිය කියයි.
අදාළ ගොවීන් දෙදෙනා නිවස වෙතට යමින් සිටියදී 15 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් යතුරුපැදි වලින් පැමිණ තමන්ට පහරදී පලා ගිය බවටත් පහරදුන් පිරිස් නාදුනන බවටත් තුවාල ලත් පිරිස් පොලීසියට පවසා ඇති අතර අදාළ පහරදීම ආවා කල්ලියේ ක්‍රියාවක් බවට පරික්ෂණ සිදුකළ කෝපාලිය පොලීසිය පවසයි.