යාපනය හන්දියේ නිවසක කාන්තා මළ සිරුරක්


( බී.ජී. චතුරංග)

අනුරාධපුර පොලිස් වසමේ යාපනය හන්දිය ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුල  ජීවිතක්ෂයට පත්ව සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවූ බව  අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 

මරණයට  පත්ව ඇත්තේ, අංක 426, මිහින්තලා පාර, යාපනය හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටි කේ. ඒ. එල්. කුමුදිනී නැමැති 60 හැවිරිදි තිදරු මවකි.

මරණකාරියගේ සැමියා මීට පෙර ජීවිතක්ෂයට පත්ව ඇති අතර දරු තිදෙනා විවාහ වීමෙන් අනතුරුව නිවසින් පිටව වෙන්ව ජීවත්ව ඇති බව පොලිසිය  සඳහන් කළේය.

අවට ප්‍රදේශයෙන් දුර්ගන්ධයක් වහනය වීමත් , නිවසේ දොරගුළු දමා තිබීම සහ එම කාන්තාව දක්නට නොමැති වීම හේතුවෙන් අසල ලී වෙළෙඳ සැලක අයෙකු වැඩි මහල් පුත්‍රයාට දැනුම් දීමෙන් අනතුරුව, නිවසේ දොර කඩා ඇතුළු වී ඇඳ තුල ජීවිතක්ෂයට  පත්ව සිටි කාන්තාවගේ මළ සිරුර සොයා ගත් බව පොලිසිය කියයි.

මේ සම්බන්ධව පරීක්ෂණ අරඹා ඇතැයි පොලීසිය කියයි.