රොමේෂ් මධුෂංඛ
යාපනය මුහමාලේ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කරමින් සිටි අන්තර් ජාතික සංවිධානයකට අයත් ශ්‍රී ලාංකික සේවකයකු අද (23) උදෑසන බිම්බෝම්බයක් පුපුරා යාම නිසා තුවාල ලබා ඇති බවට පලෙයි පොලීසිය පවසයි.
එම සේවකයා බිම්බෝම්බ ඉවත් කරමින් සිටියදී හදිසියේම බිම්බෝම්බයක් පුපුරා ගොස් ඇති අතර තුවාල ලැබූ සේවකයා වහාම පලෙයි රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
තුවාල ලැබූ සේවකයා ආරක්ෂාව වෙනුවෙන් පැළදිය යුතු සියළුම ආරක්ෂිත ඇදුම් හා පළදනා නිසි ලෙස පැළද සිටි නිසාත් ඒ ද්‍රව්‍ය සියල්ලක්ම ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව නිෂ්පාදනය කර තිබූ ඇදුම් හා පැළදුම් නිසා එම සේවකයාගේ ජීවිතයට හානියක් සිදු නොවූ බව බිම් බෝම්බ ඉවත් කිරීමේ ආයතනයේ නිලධාරියකු පැවසීය.
බෝම්බ පිපිරුමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරුණාරත්න නැමති පුද්ගලයකු වන අතර ඔහුගේ තත්වය බරපතල නොවන බවටද පරික්ෂණ සිදු කරන පලෙයි පොලීසිය වැඩිදුරටත් කියයි.