(එෆ්.අස්ලම්)
යාපනය පොලිස් අධිකාරී කාර්යාලයේ ප්‍රධාන ලිපිකාරිනියකගේ දෑත් ගැටගසා අමානුෂික ලෙස ඝාතනය කර ළිඳක දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙම කාන්තාවගේ සිරුර වඩමාරච්චි පේදුරුතුඩුව තම්බසිටි ප්‍රදේශයේ ළිදකින් ගොඩගෙන ඇත.
මිය ගිය තැනැත්තිය තම්බසිටි ප්‍රදේශයේ පදිංචි ජෙගනාදන් කිරුබාලිනී නැමැති 35 හැවිරිදි විවාහක කාන්තාවක බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
තම බිරිය අතුරුදහන්ව ඇති බවට එම කාන්තාවගේ සැමියා පේදුරුතුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයේදී නිවසේ සිට මීටර් 500ක් ඈතින් තිබූ ළිඳකින් කාන්තාවගේ මළසිරුර සොයාගෙන තිබිණි.
මේ අනුව පේදුරුතුඩුව මහේස්ත්‍රාත්වරයාගේ අවසරය මත සිරුර ගොඩගෙන ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර යාපනය ශික්ෂණ රෝහල වෙත බාරදී තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.


