යාපනය සිසුවිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියෙන් පසු සැකකරුවන්ට විරුද්ධව පැවති විරෝධතාවයකදී යාපනය අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ල කර හානිකළැයි සැකපිට අත් අඩංගුවට ගත් සැකකරුවන් 43 දෙනකු යළි ජූනි 12 දක්වා රිමාන්ඩ් කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්.ශිවකුමාර් මහතා අද (3) නියෝග කළේය.
මැයි 20 වැනිදා අධිකරණ සංකීර්ණයට ගල් ගසා රාජ්‍ය දේපළට හානි කිරීමේ වරදට සැකකරුවන් 129 දෙනෙක් අත් අඩංගුවට ගත් අතර ජූනි 1 වැනිදා අධිකරණයට ඉදිරිපත් කළ 47 ක ගෙන් 45 දෙනකු යළි ජූනි 9 දක්වා රිමාන්ඩ් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝගකොට තිබුණි.

