( රොමේෂ් මධුෂංඛ)
යාපනය සුලිපුරම් ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ හය හැවිරිදි පාසල් දැරියගේ ඝාතනයට සම්බන්ධ බවට සැක කෙරෙන ප්‍රධාන සැකකරු ලබන ජූලි මස 11 වැනිදා දක්වා බන්ධනාගාර ගත කිරීමට මල්ලාකම් මහෙස්ත්‍රාත් ආශිර්වාදම් ග්‍රේෂියන් ඇලෙක්ස්රාජ් මහතා නියෝග කළේය.
හය හැවිරිදි සිවනේශ්වරන් රෙජීනා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් අතර ඉන් ප්‍රධාන සැකකරු වූ සුලිපුරම් කාසුකුලම්හි පදිංචි සිවකුමාර් සදීස්කුමාර් නැමත්තා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර සෙසු සැකකරුවන්ගේන් වැඩි දුර ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ඇත.
ශිවනේස්වරන් රෙජීනා දැරිය පාසල් ගොස් ආපසු නිවසට එමින් සිටියදී ඇගේ ගෙළ සිරකොට ඝාතනය කර අසළ ළිඳකට දමා තිබියදී දැරියගේ මළ සිරුර හමුවිය.
දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවෙකු වන අතරම මිය ගිය දැරියගේ පියා සමග ආරවුලක් තිබී ඇති බවටද තොරතුරු වාර්තා වූ බවට පරික්ෂණ සිදු කරන වඩුක්කොඩෙයි පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.