(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
යාපනයේ සිට කොළඹ දක්වාත් කොළඹ සිට යාපනය දක්වාත් ගමන් ගනිමින් තිබු අර්ධ සුඛෝපභෝගි බස් රථ දෙකකට අද(30) අලුයම අනුරාධපුර පංඩුලගමදි පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි. මෙම ගල් ප්‍රහාරය හේතුවෙන් මෙම බස් රථ දෙකේ ඉදිරිපස විදුරු වලට බරපතල හානි සිදුව තිබුණි.
ගල් ප්‍රහාරයෙන් මගින්ට අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය සදහන් කලේය.
කඩාකප්පල්කාරි පිරිසක් විසින් මෙම බස රථ දෙකට ගල්ගසන්නට ඇතැයි පොලිසිය සැක කරයි. ගල්ප්‍රහාරය එල්ල කල පුද්ගලයන් සොයා අනුරාධපුර පොලිසිය මේ වන විට පරික්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ.

