(සිතුම් චතුරංග / රොමේෂ් මධුෂංඛ)
යාපනය සරසවියේ කලාපීඨයේ සිසුන් 8කට දින නියමයක් නොමැතිව පංති තහනම් කිරීමත් සමග ඊයේ(18) රාත්‍රියේ එම පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් ගැන ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට යාපනය කෝපායි පොලීසිය කියා සිටියේය.
යාපනය සරසවියේ කළමනාකරණ පීඨයේ සිව්වන වසරේ සහ තුන්වැනි වසරේ සිසුන් දෙපිරිසක් අතර යාපනය පරමේස්වරන් මන්සන්ධියේ ඇති වූ බහින්බස් වීමක් දුරදග යාමෙන් දෙපිරිස අතර ගැටුමක් ඇති වී තිබෙන අතර අදාල ගැටීම සම්බන්ධයෙන් සිසුන් දෙදෙනෙකු විසින් කෝපායි පොලීසියේ අද (19) දින උදෑසන පැමිණිල්ලක් දමා ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සිව්වැනි හා තෙවැනි වසර සිසුන්ගේ පංති තහනම ඉවත්කරන ලෙස ඉල්ලමින් පංති වර්ජනයක නිරතවූ යාපනය විශ්ව විද්‍යාලයේ පළමු හා දෙවැනි වසර සිසුන් අද(19) උදෑසන සිට යළි අධ්‍යන කටයුතු සඳහා පැමිණ ඇතැයි වාර්තා වේ.

