(රොමේෂ් මධුෂංඛ)
දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ජනාධිපති සමඟ පැවති සාකච්ඡාවේදී ලබා දුන් විසඳුම් සෑහීමකට පත් විය නොහැකි බව පවසමින් අද (20 ) උදෑසන සිට යාපනය විශ්ව විද්‍යාලයේ සියලුම පීඨයන්හි සිසු සිසුවියන් එක්ව 25 වැනිදා දක්වා පංති වර්ජනයක නිරතව සිටිති.
මේ අතර විද්‍යා පීඨයේද සිව් වන වසරේ විභාගය අද (20) දිනයේදී පැවත්වීමට නියමිතව තිබුණූ අතර සිසු සිසුවියන් විභාගයද වර්ජනය කිරීම හේතුවෙන් විභාගයද නොපැවත්වීමට පාලනාධිකරිය විසින් තීරණය කොට ඇත.

