යාපන සරසවිය යළි ඇරේ


මහා වීර දිනය සැමැරීයැයි කියන සිසුන් පිරිසක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව වසා දැමුණු යාපනය විශ්ව විද්‍යාලයය අද යළි විවෘත කළ බව වසන්ති අරසරත්නම් උපකුලපතිනිය කියන්නීය.

ඉකුත් නොවැමර්බර 28 වැනි දා පන්ති වර්ජනයත් සමඟ උසරසවිය වැසී තිබිණි.

නේවාසිකාගාරයේ මහා විරු දිනය සැමරීයැයි කියමින් පොලීසිය විසින් සිසුහු 12 දෙනෙක් මුලින් අත්අඩංගුවට ගනු ලැබූහ.

යාපනය විශ්ව විද්‍යාලයීය අන්තර් ශිෂ්‍ය සංගමය කියනුයේ අත්අඩංගුවට ගත් සිසුන්ගේ ඉල්ලීම මත තමන් අධ්‍යාපන කටයුතු සිදු කරන බවයි.