(සිරාජ් හසීම්)
දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් සිදුකරන ලද විරෝධතා හේතුවෙන් වසා දමා තිබූ යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යනය කටයුතු අද (13) නැවතත් ආරම්භ කැරිණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසට හා එම සිරකරුවන් අතරින් තිදෙනෙකුට එරෙහිව අනුරාධපුර අධිකරණය වෙත මාරු කර ඇති නඩු කටයුතු වව්නියාව අධිකරණයට නැවත මාරු කරන ලෙසට බලකරමින් යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය සති කිහිපයක කාලයක් විරෝධතාවේ නිරත වූහ.
මේ හේතුවෙන් විශ්ව විද්‍යාලයේ පරිපාලනාධිකාරිය පසුගිය 30 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි සරසවියේ කළමනාකරණ,ව්‍යවහාරික විද්‍යා සහ කලා පීඨවල අධ්‍යනය කටයුතු නැවත දැනුම් දීමක් සිදුකරන තෙක් වසා දමා තිබුණි.
මේ අනුව දේශපාලන සාකච්ඡා වලින් දේශපාලන සිරකරුවන්ගේ ගැටළුවට විසදුම් ලබාදීමට රජය වගවීමත් ඒ අනුව විරෝධතාවන් ද නොමැති වීමත් පදනම් කරගෙන විශ්ව විද්‍යාලයේ අධ්‍යනය කටයුතු අද (13) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

