රොමේෂ් මධුෂංඛ
යාපනය සරසවියේ කළමනාකරණ අධ්‍යන පීඨයේ සිව්වන වසරේ සිසුන් පිරිසක් අද (11) දහවල් බීමතින් උණුසුම් අයුරින් හැසිරීම හේතුවෙන් එහි සිසුන් සිවු දෙනෙකු තුවාල ලබා යාපනය මහරෝහලට ඇතුලත් කර ඇති බව යාපනය පොලීසිය කියයි.
අද දින උදෑසන මහපොළ ශිෂ්‍යාධාර අරමුදල් ලබාදීමෙන් පසුව යාපනය කළමනාකරණ අධ්‍යන පීඨයේ සිව්වන වසරේ සිසුන් පිරිසක් සරසවියෙන් එපිට ස්ථානයකදී මත්පැන් පානය කොට පසුව සරසවියට පැමිණ ඇති අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් සිසුන් සිවු දෙනෙකු තුවාල වී යාපනය රෝහලට රැගෙනවිත් ඇත.
අදාල ගැටුම ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර බීමතින් හැසිරුණු සිසුන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇති අතරම අදාල ගැටුම සම්බන්ධයෙන් යාපනය පොලීසියද පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

