( සිතුම් චතුරංග)
අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් අද(17) උදෑසන විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක නිරත වූහ.
අනුරාධපුර බන්ධනාගාරයේ කොටි රැඳවියන් තිදෙනකු විසින් ආරම්භකොට ඇති සත්‍යග‍්‍රහයට සහාය පළකරමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු උපවාසය ආරම්භ කළහ.
මෙරට බන්ධනාගාරගත කොට සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත් ත‍්‍රස්ත ක‍්‍රියා හේතුවෙන් අනුරාධපුර අධිකරණයන් හි නඩු පවරා ඇති සිරකරුවන්ගේ නඩු විභාග වවුනියාව අධිකරණය වෙත විභාග කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසද ඉල්ලා විශ්ව විද්‍යාල සිසුහු උපවාසයේ නිරතව සිටිති.


