යාපන රෝහලේත් සාර්ථකව හෘද සැත්කමක්


(රංජන් කස්තුරි)
 
යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් අද (21) සහ පෙරේදා (20) ඉතා සාර්ථක ලෙස විවෘත හෘද සැත්කම් දෙකක්  සිදු කළ බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය  එම්.සත්‍යමුර්ති මහතා පැවසීය.

යාපනය රෝහලේ මීට වසර 30 කට  පමණ ඉහත දී  හෘද සැත්කම්  සිදුකර  තිබෙන නමුත් මෑත කාලයේ සිදු කළ ප්‍රථම හෘධ සැත්කම් මෙය වන බවද රෝහල් අධ්‍යක්ෂකවරයා කීවේය.

වවුනියාවේ පදිංචි 27 හැවිරිදි රෝගියකුට  ඊයේ (20) පළමු  විවෘත හෘද සැත්කම සිදුකළ අතර  එම රෝගියා සහ අද (21) සැත්කමට  භාජනය කෙරුණු  රෝගියා දැඩි සත්කාර ඒකකයේ පසුවන බවද රෝහල්  අධ්‍යක්ෂකවරයා කීය.

හෘද රෝග විශේෂඥ වෛද්‍ය  එම්.සමුගුනාදන් සහ කායික රෝග විශේෂඥ වෛද්‍ය  එස් ප්‍රේම්ස්ක්‍රිෂ්ණා  යන මහත්වරු ඇතුළු  විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්  හෘධ සැත්කම් සිදු කරන අතර  මින් ඉදිරියට සතියකට සැත්කම්  දෙකක් බැගින් සිදු කිරිමට  නියමිත බවද රෝහල් අධ්‍යක්ෂකවරයා  පැවසීය.