යාපන කොටුවේ වසර 2700 කට පෙර වෙළඳපොළක් ගැන අනාවරණයක්


 

 

 

රොමේෂ් මධුෂංඛ

 

යාපනය කොටුව ආශ්‍රිත ප්‍රදේශයන් හි සිදු කරන ලද කැණීම් හා පරික්ෂණ වලදී සොයා ගත් සාධක මත යාපනය කොටුව මීට වසර 2700 කට පෙරදී විශාල වෙළඳපොළක්ව පැවති බවට විශ්වාස කළ හැකි බවට පුරාවිද්‍යාවේ විමර්ශන පිළිබඳ නිලධාරී ආචාර්ය එස්. පුෂ්පරත්නම් මහතා පැවසීය.

යාපනය කොටුව පිළිබඳව එහි පැවති දේශනයකට සහභාගී වෙමින් එස්.පුෂ්පරත්නම් මහතා ඒ බව කියා සිටියේය.

එහිදී ආචාර්යවරයා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය,

‘මීට වසර 2700 කට පෙර යාපනය කොටුව ආශ්‍රිතව විශාල වෙළඳපොළක් පැවතියා සේම ජනාවාස පිහිටුවා ඇති බවටද සාධක මතුවී ඇති අතරම එම ජනාවාස දකුණු ඉන්දියාව සමඟ මුහුදු මාර්ගයන් ඔස්සේ  ඉතා කිට්ටු සබඳකම් පවතා ඇති බවටද ඉගි පලවී ඇති බවයි.

ඊට අමතරව යාපනය කොටුව තුළ විශාල සිර ගෙයක් ද තිබූ බවට සාක්කි ලැබී ඇති හෙයින් පෘතුගීසි සමයේ දී එවැන්නක් සිදුකර ඇති බවටද එහි සිදු කරන ලද කැණීම් වලදී පස්තට්ටු නවයක් හමුවූ බවට ද අදාළ පස් තට්ටු පිළිබඳව ද පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවටද ආචාර්ය එස්.පුෂ්පරත්නම් මහතා වැඩිදුරටත් කීවේය.