රොමේෂ් මධුෂංඛ
යාපනය කොටුවේ යුද හමුදා කඳවුරු ස්ථාපිත නොකරන ලෙසටත් යාපනය දිස්ත්‍රීක්කයෙන් යුද හමුදාව ඉවත් විය යුතු බවත් පවසමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වූහ.
පසුගිය දිනයන් හි යාපනය දිස්ත්‍රීක්කයේ කඳවුරු ස්ථාපිත කර සිටින යුද හමුදාවට එම කඳවුරු ඉවත්කර ගන්නා ලෙසින් යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ම විරෝධතා දැක්වීම නිසාවෙන් යාපනයේ ආරක්ෂක අංශ විසින් අදාළ කඳවුරු ඉවත්කර යාපනය කොටුවේ කඳවුරු ස්ථාපිත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා මෙතෙක් රජයෙන් අවසරය ලැබී නොමැති අතරම පසුගිය දිනක උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතාද සඳහන් කර සිටියේ යාපනය කොටු යුද හමුදා කඳවුරට ගැලපෙන ස්ථානයක් බවයි.
නමුත් යාපනය කොටුව යුද හමුදාවට ලබා නොදිය යුතු බවටත් යුද හමුදාව යාපනය දිස්ත්‍රීක්කයෙන්ම ඉවත්විය යුතු බවටත් පවසමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් යාපනය කොටුව ඉදිරිපිටදී මෙසේ විරෝධතාවයක නිරතව ඇත.