යහපාලනයේ ගඳ ඩිලාන්ට දැනේ


භාණ්ඩාගාර බැඳුම්කර අක්‍රමිකතාව මෙන්ම පසුගිය දා කොටහේනේ වෙඩි තැබීම එක්සත් ජාතික පක්ෂ පාලනයේ දුර්ගන්ධය පෙන්වන සිදුවීමක් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක හිටපු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පැවසීය.

ඔහු මේ බව කීවේ ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

කොටහේන් වෙඩි තැබීම පාතාලයන් පිරිසකගේ සිද්ධියක් නොවන බෙව පෙන්වීමට රවී කරුණානායක මහතා උත්සාහ කළ ද එජාපයේම තවත් අපේක්ෂකයන් දෙදෙනකු මෙය පාතාලයට සම්බන්ධ පිරිසකගේ ක්‍රියාවක් බව කියා ඇතැයි ද පෙරේරා මහතා පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිට සැබෑවටම යහපාලනයක් ඇති කිරීමට අවශ්‍ය වී තිබුණ ද එජාපය මිනීමරුවන් හා කුඩුකාරයන් තබාගෙන යටයුතු කිරීමෙන් යහපාලනය යන්න විකට වචනයක් බවට පත් වූ බව ද ඔහු සදහන් කළේය.

_DSC0001