යහපාලනයේ කටවුට් වහයි


රාජගිරියේ ඇන්.ඇම් පිළිරුව අසල එක්සත් ජාතික පෙරමුණ නාම යෝජනා දිනයට පෙර සිටම ප්‍රදර්ශනය කළ දැවැන්ත කටවුට් පුවරුව පොලිසියෙන් මෙසේ වසා ඇත.

ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ඇමැති රවී කරුණානායක යන පිරිස ප්‍රදර්ශනය කරමින් දින 100 වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මෙහි ප්‍රචාරණයක් සිදු කර තිබිණි.

මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝග මත සෑම ප්‍රසිද්ධ ස්ථානයකම ඇති මැතිවරණ දැන්වීම්, කටවුට්, පෝස්ටර් ආදිය ඉවත් කිරීම සිදුවේ. 

IMG_3710 IMG_3712 IMG_3713