බලය තහවුරු කරගැනීමට ඇමතිධූර පිරිනැමීම මේ ආණ්ඩුවද තම මංගල කටයුත්ත කරගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (4) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මේ අදහස් පළ කළ දිසානායක යහපාලනය ඇතිකිරීම රජයේ සැබෑ අරමුණනම් මුලින්ම කළ යුතුව තිබුණේ ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීම බව කීය.
දැන් මෙම ආණ්ඩුවෙන් ජනතා කැමැත්ත පිළිඹිඹු නොවන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්ව රජයක් තනන්නට ජනතාව මනාපය ලබානොදුන් බවත් ඔහු සඳහන් කළේය.
‘‘ජනවාරි මස 8 වැනිදා මහින්ද රාජපක්ෂ ජනපතිවරයා පරාජය කළේ ඔහුගේ අඩුපාඩු නිසා පමණක් නොවෙයි.තවත් බොහෝ හේතු තිබුණා.ඇමතිධූර පිරිනැමීම එයින් ප්‍රධාන එකක්.මේ ආණ්ඩුවත් පටන්ගත්තේම ඒකම කරමින්‘‘
‘‘අමාත්‍යධූර වැඩිකරගැනීම ව්‍යවස්ථා විරෝධීයි.ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුව තිබුණා.‘‘
‘‘අමාත්‍යංශ බෙදල තියෙන්නෙත් පරණ පුරුදු අච්චාරුව විදිහටමයි.මේ වැඩේට අපි විරුද්ධයි.‘‘
අනුර කුමාර දිසානායක මහතා පැවසීය.



