යශෝධ රංගේ බණ්ඩාරට ඇප


ජුඩ් සමන්ත

ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (14) නියෝග කළේය.

නඩුව අවසන් වන තෙක් රියදුරු බලපත්‍රය අහෝසි කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

බීමතින්  කැබ් රථයක් පදවා හලාවත බංගදෙණිය  කොට්ටපිටිය ප‍්‍රදේශයේ නිවසකට අලාභ හානි සිදු කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.