යශෝධ රංගේ බණ්ඩාරගේ නඩුව කල් යයි


ජුඩ් සමන්ත සහ ඔගස්ටින් ප්‍රනාන්දු
 
හලාවත, බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී රිය අනතුරක් සිදුකර නිවසකට අලාභ හානි සිදු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර නඩුව ලබන 24 වැනි දා නැවත කැඳවීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රත් මංජුල රත්නායක  මහතා අද (5) නියෝග කළේය.


පසුගිය 14 වැනි දා යශෝධ රංගේ බණ්ඩාරව හලාවත දිසා විනිසුරුවරයා විසින් රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.


පසුගිය 26 වැනි දා මෙම නඩුව යළි කැඳවූ විට අලාභ හානි වූ නිවස ජූලි 5 වැනි දා ට පෙර සාදා නිම කරන ලෙස දිසා විනිසුරුවරයා නියෝග කර එදින දක්වා නඩුව කල් තැබිණි.


අනතුරුව මෙම නඩුව යළි කැඳවීම මෙම මස 24 වැනිදා දක්වා කල් තැබීමට දිසා විනිසුරුවරයා නියම කරන ලදි.