යශෝධ රංගේ බණ්ඩාර යළි රිමාන්ඩ්


(ඔගස්ටින් ප්‍රනාන්දු)

 

බංගදෙණිය කෝටිටපිටිය හන්දියේ දී සිදුවු රිය අනතුර සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින යශෝධ රංග බණ්ඩාර ජුනි 14 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් රඛිත පි අබේසිංහ මහතා අද (12) නියෝග කළේය.

සැකකාර යශෝධ රංග බණ්ඩාර අධිකරණය හමුවට ඉදිරිපත් කර නොසිටි අතර ඔහු මේ වන විටත් බන්ධනාගාර නිලධාරිනගේ රැකවරණය මත ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලෙහි නේවාසිකව  ප‍්‍රතිකාර ලබන බවත් මෙහිදි හෙළි විය.

අධික ලෙසින් මත්පැන් පානය කර නොසැලකිලිමත් ලෙසින් රිය ධාවනය කිරිම ,රජයේ දේපලක් අවභාවිත කිරිම, පෞද්ගලික  නිවසකට එම අනතුරින් අලාභ හානි කිරිම ඔහුට එරෙහිව ඇති චෝදනා වේ.