(අංජුල මහික වීරරත්න)
මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය මේ වනවිට හෙක්ටයාර් පන් ලක්ෂ පන්දහස ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් වාර්තාවක් මගින් අද (07) දින තමාට දැනුම් දුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී පොහොර බෙදා හැරීම සම්බන්ධව සාකච්ඡා කළ අතර එම සාකච්ඡාවෙිදී අමාත්‍යවරයා මෙම දැනුම් දීම කළේය
මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රාජිකා වික්‍රමසිංහ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වය අතිශයින්ම වැදගත් වන බව සඳහන් කළේය.
මෙවර යල කන්නයේ ජූනි මස පළමු සතියේදී වගා කර තිබූ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් දෙලක්ෂ තිස් අටදහසක් වූ නමුත් ඉලක්ක කළ කුඹුරු ප්‍රමාණයට වඩා දෙගුණයක් කුඹුරු වගා කිරීමට ගොවි ජනතාව කැපවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.