යන්න ආවේ ඩුබායි : නතර වුණේ මීගමු උසාවියේ


නැතිවී යැයි කියන විදේශ ගමන් බලපත්‍රයකින් එතෙර යන්නට ආ හිටපු ඇමැති විමල් වීරවංශ රහස් පොලිසියෙන් ප්‍රශ්න කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු මීගමු මහේස්ත්‍රාත් අධිකරණ‍යට ඉදිරිපත් කිරීමට නියමිතය.

අධිකරණය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ නම් වීරවංශ මහතාගේ ප්‍රශ්නයට විසඳුමක් දිය හැකි බව අගමැති පැවසීයැයි සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එසේ කීවේය.