ටෝනි කරුණානායක
චෝදනාවන් රැසක් සම්බන්ධයෙන් යතුරු පැදිකරුවෙකුට ගම්පහ අධිකරණයෙන් රුපියල් හැටඅටදහසක දඬ මුදලක් ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා නියම කළේය.
අධික ශබ්දයක් පිටවන සයිලන්සරයක් සවි කීරිම , සංගීත නාද පිටවන නලාවක් සවි කර තිබිම , ආදායම් බලපත්‍රය රක්ෂණ සහතිකය නොමැති වීම , අපරික්ෂාකාරීව පොලිස් අණ නොතකා ධාවනය කීරිම යන චෝදනා වලට දඬ මුදල නියම කර තිබේ. මෙය ගම්පහ අධිකරණයෙන් පැදිකරුවෙකුට නියම වූ වැඩිම දඬ මුදලයි.

