යතුරුපැදි ආනයන බද්දත් ඉහළට


යතුරුපැදි, ත්‍රී රෝද රථ සහ මෝටර් රථ ආනයන බද්ද වැඩිකළ බව රජය කියයි. අන්තර්ජාතික මූළ්‍ය අරමුදලේ ණය මුදලක් දීමට පෙර මේ වැඩිවීම සිදුවී ඇතැයි දේශපාලන අංශ කියයි. එම අරමුදලේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.