යතුරුපැදි ගැටී තරුණයෝ තිදෙනෙක් මරුට


(හේමලතා ඩී හේවගේ  )    
 

උඩුබද්ධාව නගරය ආසන්නයේදී  අඹු සැමි යුවළක් ගමන් ගත් යතුරු පැදියක් තරුණයන් තිදෙනකු ගමන් කළ යතුරුපැදියක ගැටී  යතුරුපැදියේ  ගමන් ගත් තරුණයින් තිදෙනා  මිය ගොස් ඇතැයි  පොලීසිය කියයි.   

අනතුරට ලක් වීමෙන් පසු මාර්ගය අසල පිහිටි ගසක හැපී බරපතල ලෙස තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්  කළ තරුණයින් තිදෙනා අනතුරුව මිය ගොස් ඇතැ බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ උඩුබද්දාව ප්‍රදේශයේම තරුණයින් තිදෙනෙකි.