
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොට්ටාව නගර මධ්‍යයේ දී අද (3) උදෑසන ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පැදිකරු එම ස්ථානයේදීම මිය ගිය බව කොට්ටාව පොලීසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ ,හෝමාගම, පදිංචි උඩුවනගේ සාන්ත නමැති 49 හැවිරිදි ඉන්ධන පිරවුම් හළක පොම්පකරුවෙකි.
මොහු අද උදෑසන කොට්ටාවේ පිහිටි ඉන්ධන පිරවුම්හලේ සේවය සඳහා සිය යතුරුපැදියෙන් නිවසේ සිට එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
එහිදී ,මහරගම දෙස සිට කොට්ටාව දෙසට විරුද්ධ මංතීරුවෙන් පැමිණි ලොරි රථයක් කොට්ටාව දෙස සිට මහරගම දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියේ මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව ඇති අතර ඉන් පැදිකරු එම ස්ථානයේදීම මිය ගොස් තිබූ බව පොලිසිය පවසයි .
අනතුරට සම්බන්ධ ලොරි රථ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

