(විනීතා එම් ගමගේ)
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔසුසල් සඳහා බලපත‍්‍ර ලබා දීමේ ප‍්‍රමාදයක් පවතින බව ඔසුසල් හිමියෝ කියති.
අලූතින් අරඹන ඔසුසල් සඳහා බලපත‍්‍ර ලබාදීමේ සහ දැනට නිකුත් කර ඇති බලපත‍්‍ර අලූත් කිරීමේ දී මෙම ප‍්‍රමාදයක් පවතින බව වාර්තාවේ.
මේ වනවිට අලූත් ඔසුසල් හා පවතින ඔසුසල්වල බලපත‍්‍ර අලූත් කිරීම සඳහා ලැබුණු අයදුම්පත් 3500 කට ආසන්න ප‍්‍රමාණයක් අධිකාරියේ සිරවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
සමහර අවස්ථාවල බලපත‍්‍රයක් ඉල්ලා මාස අටකට අධික කාලයක් ඒ වෙනුවෙන් බලා සිටිය යුතු බවත් බලපත‍්‍ර නොමැතිව ඔසුසල් පවත්වාගෙන යාම නීති විරෝධී බැවින් තමන්ට බලපත‍්‍රය ලැබෙන තෙක් ඔසුසල වසා දැමීමට සිදුවන බවත් ඔසුසල් හිමියෝ පවසති.
මෙසේ බලපත් නිකුත් කිරීමේ ප‍්‍රමාදයක් පවතින්නේ මන්දැයි ලංකාදීප කළ විමසුමක දී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේ කාර්ය මණ්ඩලයේ යතුරු ලේඛිකාවන් හිඟය නිසා මෙසේ බලපත‍්‍ර නිකුත් කිරීම ප‍්‍රමාදවන බවය.
එබැවින් මෙම බලපත‍්‍ර ලබාදීමේ කටයුතු ඉක්මන් කිරීමට යම් වැඩ පිළිවෙලක් සකස් කරන්නැයි ඔසුසල් හිමියෝ සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.