(අනුරාධපුර දයාරත්න ඇඹෝගම)
ගල්කුලම හන්දිය ආසන්නයේ නවතා තිබු කැබ් රථයක පිටුපස යතුරු පැදියක් ගැටිමෙන් බරපතල තුවාල ලබා යතුරු පැදියේ ගමන්ගත් මව සහ පුත්‍රයා ඊයේ (29) රාත්‍රියේ මියගිය බව තිරප්පනේ පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ නාච්චාදුව නව නගරයේ පදිංචිව සිටි නදිජා උම්මා නවාස් (48) සහ ඇයගේ පුත්‍රයා වන හනිපා නවාස් මොහොමඩ් නිස්පර්දින් (27) නැමැත්තන්ය.
ඒ නවය මාර්ගයේ 123 වැනි කිලෝ මීටර් කණුව ආසන්නයේ මාර්ගය අයිනේ නවතා තිබු පානිය ජලය ප්‍රවාහනය කරනු ලබන කැබ්රථයක පසුපස මේ දෙදෙනා ගමන්ගත් යතුරු පැදිය ගැටි ඇති බවත් ඉන් බරපතල තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුලත් කරන ලද බවත් පොලිසිය කියයි.
මිහින්තලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී බරපතල තුවාල හේතුවෙන් මෙම මව සහ පුත්‍රයා ඊයේ(29)දින රාත්‍රි දහයට පමණ මෙසේ මිය ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ කටුපත මරදන්කල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කැබ් රථයේ රියදුරා පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (30) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.