ජුඩ් සමන්ත
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් යුද හමුදා සැරයන්වරයෙකු සහ පොලිස් සැරයන්වරයෙකු මිය ගොස් ඇති බව කොස්වත්ත පොලීසිය කියයි.
අද (19) කොස්වත්ත පොලිස් වසමේ බෝතලේගම - මීගහවෙල මංසන්ධියේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මීගහවෙල පන්සල අසල පදිංචිකරුවෙකු වන පොලිස් සැරයන් ජේ.ඒ.සෝමරත්න සහ කොස්වත්ත - යක්දෙස්සාව පදිංචි යුද හමුදා සැරයන්වරයෙකු වන ප්‍රදීප් අරුණ ශාන්ත නම් දෙදෙනෙකි.
අනතුරින් තුවාල ලබා සිටි දෙදෙනාව එම අවස්ථාවේදීම මාරවිල දිසා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔවුන් ඒ වන විටත් මිය ගොස් සිට ඇත.
කොස්වත්ත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.