යතුරු පැදි - වෑන් ගැටුමෙන් යතුරුපැදි කරු මරුට


(රෝවන් පෙරේරා පුත්තලම)


වෑන් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු මියගොස් වැන් රථයේ රියදුරු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.


පාලවීය ප්‍රදේශයේ සිට කල්පිටිය ප්‍රදේශයට ධාවනය වෙමින් තිබූ වැන් රථයක් සහා කරඹ සිට පාලවිය දෙසට ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවී ඇති පුත්තලම පොලිසිය කියයි.


අද (21) පෙරවරු 8.30 පමන මෙම අනතුර සිදුවී ඇති අතර වැන් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් භාවය නිසා සිදුවූ අනතුරක් බව පොලීසීය කියයි. මියගිය යතුරු පැදිකරු වයස අවුරුදු විසිහයක් පමනවූ අක්බර් ජාබිර් නැමති උලුක්කාපල්ලම ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් අනතුර සිදුවීමත් සමග වැන් රථයේ රියදුරු පලාගොස් ඇති බවත් පොලීසිය කියයි.


වෑන් රථයේ රියදුරු පුත්තලම මූලික රෝහලේ හතේ වාට්ටුවේ ප්‍රතිකාර ලබන බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග කියයි මියගිය අයගේ දේහය පුත්තලම මූලික රෝහලේ තැන්පත් කර ඇත.