අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හා අනුරාධපුර රුවන්වැලි සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමිවරුන් දෙදෙනාගේ පැවිදි ජීවිතයේ මහගෙදර වශයෙන් සැළැකෙන පොතුවිල වලව්ව වසර 56කට පසුවත් තේජාන්විතව ද ගරු ගාම්භීර ලෙස ද උත්තුංග ලෙස ද නැගී සිටියි. දඹුල්ල බුලාගල පල්ලේගම මේ වලව්ව පිහිටියේය.

