යටිනුවර අල රජා


දේශීය අල වර්ග සහ දේශීය පරැණි වී වර්ග සංරක්ෂණය කරමින් දේශීය ගොවිතැන පිළිබඳ  දැනුම මතු පරපුරට රැක දෙන ගොවි මහතකු යටිනුවර මාරෙහල දන්තුරේ දී අපට හමු විය.

ඔහු නමින් එච්.එම්. ප්‍රේමවර්ධන (මාරෙහල වෙද මහතා)ය. ඔහු පාරම්පරික ගොවියෙකි.  දැනට වැසි වනාන්තර සුරකීමේ අන්තර්ජාතික සංවිධානයේ හා වියලි කලාපීය කෘෂි ජන ජිවිතය නිගා සිටුවීමේ ව්‍යාපෘතියේ උපදේශකවරයකු ලෙස සේවය කරයි.

රුපියල් ලක්ෂ 67ක පමණ වියදමි වවුනියාවේ සෙට්ටිකුලම්වල අංග සම්පූර්ණ බීජ බැංකුවක් ද දැනට ඔහු විසින් පසුගිය දා අරඹන ලදි.

කෑමට සුදුසු අල වර්ග 64ක් ද කෑමට නුසුදුසු ඖෂධීය අල වගර්ග රැසක් ද දැනට ඔහුගේ බීජ බැංකුවේ ඇත. මා වී, කළු හීනටි, සුදු හීනටි, වැනි දුර්ලබ ගනයේ පැරණි වී වර්ග  50කට අධික ප්‍රමාණයක් සංරක්ෂණය කර ඇත.

එළු බෙටි, ගොම, ජපන් ජබර සහ පිදුරු උපයෝගී කරගනිමින්  ඔහු විසින් ම සාදා ගන්නා කාබනික පොහොර වගාවන් සඳහා යොදා ගන්නා බව ඔහු පවසයි.

සිංහල රජකාලේ භාවිතා කළ වී වර්ග 1483 ගැන තොරතුරු ඔහු සතුව පවති.

ඊට අමතරව වසර 200කටත් වඩා පැරණි ගොවි උපකරණ විශාල ප්‍රමාණයක් ප්‍රේමවර්දන මහතා සතුය. ඒ අතර භුම්මැටිය විශේෂත්වක් ගැනී. එකල ගොවි මහතුන් භාවිතා කළ මෙම භූම්මැටිය පණිවිඩ හුවමාරුව සඳහා ද යොදාගෙන ඇතැයි ඔහු අප සමග පැවැසීය

පැරණි කෙම් ක්‍රමද උපයෝගී කරගනිමින් වගා කරන ප්‍රේමවර්ධන ගොවි මහතාගේ ගොවි බිමෙන් කිලෝ 80ක පමණ අලයක් බැස තිබිණි. එය මෙතක් ලංකාවෙන් සොයාගත් විශාල අලය බව ද ඔහු කියයි.

පොලොන්නරුව, වැලිකන්ද, අම්පාර, අක්රයිපත්තුව දිඝවාපීය අදි ප්‍රදේශවල සේවය කරමින් ගොවීන් දැනුම්වත් කර පැරණි වී සහ අල වර්ග ගොවීන් අතර ප්‍රචලිත කිරිමට විශාල දායකත්වයක් දරා ඇත.

සිය ගොවිතැන් පිළිබඳව අදහස් දක්වමින් ප්‍රේමවර්ධන මහතා මෙසේ කීය. කාබනික පොහෝර උපයෝගී කරගනිමින් දේශීය එළවළු, අල වර්ග සංරක්ෂණය කරමින් මා මේ කරන කටයුත්තට කිසිදු වගකිව යුතු අයගෙන් සහායෝගයක් ලැබෙන්නේ නෑ.

දැන මා පාසල් දරුවන් සහ විශ්ව විද්‍යාලයේ දරුවන් දැනුම්වත් කරමින් මෙම දේශීය වගාවන් රැක ගන්න මහත් පරිශ්‍රමයක් දරනවා. ඒ සඳහා රජයෙන් හා වගකිව යුත්තන්ගෙන් සහායක් ලැබෙනවා නම් ඉතාම සර්ථක කරගත හැකියි.

එද කෘෂි කර්ම ඇමැති වශයෙන් කටයුතු කරන කාලයේ වර්තමාන ජනපති සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  රතු පලස මතින් බුම්බැටිය ගහල රැගෙනගියේ මමයි. මේ භුම්මැටිය මට ලැබුනේ මගේ ලොකු අත්තාගෙන්. මේක අවුරුදු 200කට වඩා පැරණි භාණ්ඩයක්.

මගේ මහවෙල නිවසේ මීට වසර කිහිපයකට පෙර පැවැති අලබීජ  ප්‍රදර්ශනයට ආ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා මා සතුව තිබූ අල වර්ග දැකලා පුදුමයට පත් වුණා. මෙතරම් අල වර්ග ප්‍රමාණයක් ලංකාවේ තිබෙනු දැකීම තමන් පුදුමයට මෙන්ම දැඩි ආසවක් ඇති වූ බව ද ඔහු මගේ සටහන් පොත සඳහන් කර ඇතැයි ද පැවැසීය.

මෙම කටයුතුවලට අමතරව ප්‍රේමවර්ධන මහතා අහිංසක රෝගීන් සුවපත් කිරීමේ කටයුතු ද කරයි. හන්දි වෙදකම, සර්ප වෙදකමට බොහෝම දක්ෂතා ඇති ප්‍රේමවර්ධන මහතා අහිංසක සතුන් ගේ රෝගී තත්ත්වයන් වලට ද ප්‍රතිකාර කරයි. ඉඩ පහසු ලද සෑම අවස්ථාවකම පොත් ලිවීමට ද ඔහු කැමැත්තක් දක්වයි.

456 457 458 459   460 461