යටත් විජිත යුගයේ කාලතුවක්කුව මහජන ප්‍රදර්ශනයට


(අමදෝරු අමරජීව)
 
ත්‍රිකුණාමලය මහා රෝහලට හදිසි අනතුරු ඒකකයක් ඉදිකිරිමට අත්තිවාරම් කපද්දි හමු වු යටත් විජිත යුගයට අයත්  බවට සැලකෙන කාලතුවක්කුව ත්‍රිකුණාමලය නාවික හා සමුද්‍රිය කෞතුකාගාරයට රැගෙන එනු ලැබිය.

මෙම කාල තුවක්කුව යටත් විජිත සමයේ හමුවු සෙසු කාල තුවක්කු වලට වඩා වෙනස් වන්නේ එහි පිටුපස  කොටස සම්පුර්ණයෙන්ම ආවරණය කර සේවා නුලට ගිණි දැල්විම සදහා සිදුරක් තබා තිබිම බව සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ඩබ්.එච්.ඒ.සුමනදාස මහතා පැවසිය.

මෙතෙක් හමු වු කාල තුවක්කු වල පිටුපස  ආවරණයක් නැති හා ඒවා ගැලවී ගිය මෙන්ම ආවරණයේ කොටස් පමණක් තිබු ඒවා බවද සහකාර අධ්‍යක්ෂවරයා කීය.

ටොන් අටක් බර අඩි 11ක් දිග මෙම කාල තුවක්කුව ක්‍රිස්තු වර්ෂ 1700 සියවසේ  මෙම ස්ථානයේ සවිකර තිබු එකක් බවත් එය පිහිටි පොලවට බවත් පසුව කාලයාගේ ඇවෑමෙන්  පස් තට්ටු  වලින් වැසි ගොස් තිබු චීනචට්ටි නැමැති ලෝහයෙන් නිර්මිත කාල තුවක්කුවක් බවද සහකාර අධ්‍යක්ෂවරයා  කීය.

නාවික හමුදාවේ නැගෙනහිර විධානයට අයත්  නිලධාරින්ගේ භට පිරිස් වල සහයෙන් රැගෙන ආ මෙම කාලතුවක්කුව නාවික සමුද්‍රිය කෞතුකාගාරයේ එලිමහනේ රදවන දෙකක් මත සවිකර පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශයේ නිලධාරින්  යොදවා ශුද්ධ පවිත්‍ර කර මහජන ප්‍රදර්ශනයට තබන බව සහකාර අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසිය.