යක්කලමුල්ලේ 14ක් ස්වයං-නිරෝධානයට



(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
විවිධ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ සිටින පුද්ගලයන් 14දෙනෙකු අද(21) යක්කලමුල්ල පොලිස් වසමේ නිවෙස්වල සිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි යක්කලමුල්ල පොලිසිය කියයි.
 
මෙම පිරිස ජෝර්දානය, ඩුබායි, කුවේට් සහ ඉතාලිය යන රටවලින් පැමිණි අය බවද යක්කලමුල්ල පොලිසියේ ස්වයං නිරෝධායනය කටයුතු භාර පොලිස් පරීක්ෂක සරත් මීගහවත්ත වාර්තා පැවසීය.
 
ඒ අනුව මෙම පිරිස දින 14ක් නිවෙස් වල සිට ස්වයං නිරෝධායනයට ලක්කෙරෙනු ඇත.