යකඩයා 108 දී සමුගනී


මරදන්කඩවල යකඩයා යනුවෙන් හැඳින්වූ මරදන්කඩවල ජිනදාස මහතා (108) මුල්ලේරියාව මානසික රොහලේදි ඉකුත් 09 දා මිය ගියේය. සිරුර භාර ගැනීමට කිසිදු ඥාතියකු ඉදිරිපත් නොවූ නිසා අවසන් කටයුතු රජයේ වියදමින් සිදුකරන ලෙස මරණ පරීක්ෂණ පැවැත්වූ කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එච් එන් අහංගම මහතා අද (24) සවස නියෝග කළේය.