වටගොඩ දුම්රිය ස්ථානයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් එක් මගියකු තුවාල ලබා ඇතැයි දුම්රිය ආරංචි කියයි.
මෙසේ එකිනෙක ගැටී ඇත්තේ නාවලපිටිය සිට බදුල්ල දක්වා පැමිණි දුම්රියක් හා බදුල්ල සිට නුවර දක්වා පැමිණි දුම්රියකි. අනතුර හේතුවෙන් දුම්රිය ගමනාගමනයට බාධාවක් ඇතිවී නැතැයි දුම්රිය පාලනාධිකාරිය පවසයි.
ඡායාරූප - රංජිත් රාජපක්ෂ







