
(සජීවා කෝට්ටගොඩ)
මඩකලපුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ බඩු ප්‍රවාහන දුම්රියක් මහව කට්ටබුවාව කෝන්වැව දුම්රිය හරස් මාර්ගයේදී ට්‍රැක්ටරයක ගැටීමෙන් ට්‍රැක්ටර් රියදුරා තුවාල ලබා රෝහල් ගත කළ බව මහව පොලිසිය කියයි .
දුම්රියේ ගැටුණු ට්‍රැක්ටරය මීටර් හතළිහක් පමණ දුරට ඇදී ගොස් ඇති බවත් අනතුරෙන් දුම්රිය මාර්ගයට සුළු අලාභ හානි සිදුව ඇති බවත් මහව දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය
අනතුරින් දුම්රිය එන්ජිමට වූ හානිය තාවකාලික අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව දුම්රිය නැවතත් ගමන් ආරම්භ කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් කීය .



