යකඩ යකා 15 සිට සාමාන්‍ය සේවයට


(රංජිත් රාජපක්ෂ)

සෞඛ්‍ය උපදෙස් මත දැනට තාවකාලිකව නතර කර ඇති සියළුම දුම්රියන් මේ මස (15) දින සිට ධාවනයට එක් කරන බව දුම්රිය ප්‍රවාහන සමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසයි.

ඔක්තොම්බර් (01) දින වන විට දුම්රිය ගමන්වාර 108ක් ධාවනය කරවීමට දෙපාර්තුමේන්තුව සුදානමින් සිටි බවත්  සති දෙකකට දුම්රිය ධාවනය කල් දමන්නැයි දැනුම් දුන් බවද ඔහු පැවැසීය.

එම නිසා ලබන 15 දින සිට දුම්රිය ධාවනය ආරම්භ කරන්න අපි සුදානම්ව සිටිනවා, ඒ සදහා අපි ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් බලාපොරොත්තු වෙනවා.

කාර්යාල දුම්රියන් වැඩි ප්‍රමාණයක් හදුන්වලා දිමට කටයුතු කරලා තියෙනවා, විශේෂයෙන්ම කුරුණැගල , පානදුර , වේයන්ගොඩ දුම්රිය ස්ථාන සිට අර්ධ සිඝ්‍රගාමි කාර්යාල දුම්රියන් හදුන්වලා දිලා තියෙනවා.

සමාන්‍යයෙන් දැනට තිබෙන දුම්රියන්වලින් මගින් 25000 පමණ ආසනගතව පැමිණිමට හැකියාව තිබෙන්නේ. එම සිමා යටතේ තමයි අපිට සේවය සපයන්න වෙන්නේ.